Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බංගලාදේශයේ පළමු මෙට්‍රෝ දුම්රිය සේවය ජනතා අයිතියට  

Add comments

බංගලාදේශයේ පළමු මෙට්‍රෝ දුම්රිය සේවය ජනතා අයිතියට පත් කෙරුණා.

ජපානයේ ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතියේ පළමු අදියරයි මෙලෙස විවෘත කෙරුණේ. මෙට්‍රෝ දුම්රිය සේවය හරහා ඩකා නගරයේ මිලියන 20කට අධික ජනතාවගේ ගමනාගමන කටයුතු පහසුවෙන් සිදු කර ගැනීමට අවස්ථාව හිමිවන බව එරට අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා පවසනවා.

එමෙන්ම එය රටට ආඩම්බරයක් බවද ඇය සදහන් කරනවා. සෑම මෙට්‍රෝ දුම්රියකම කාන්තාවන් සදහා වෙන් වු මැදිරියක් පවතින අතර පළමු ගමන්වාරයේ රියදුරු ලෙස කටයුතු කළේද කාන්තාවක්.

මාර්ග 6කින් යුතු ව්‍යාපෘතියේ පළමු මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සදහා වසර 06ක කාලයක් ගත වී ඇති අතර ඒ හරහා කිලෝ මීටර 12ක් ආවරණය වන පරිදි ඉදිරිකීම් කටයුතු නිම කර තිබෙනවා.

සමස්ත මෙට්‍රෝ දුම්රිය සේවය හරහා පැයක් තුළ දි මගීන් හැටදහසකට පමණ ගමනාගමන අවශ්‍යතා සපුරා ගත හැකි අතර නැවතුම් ස්ථාන සියයකට අධික සංඛ්‍යාවකින් එය සමන්විතයි.

 

 

 

The post බංගලාදේශයේ පළමු මෙට්‍රෝ දුම්රිය සේවය ජනතා අයිතියට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG