Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාම්බෝජියාවේ කැසිනෝ ශාලාවක හටගත් ගින්නකින් 10 දෙනෙකු ජිවිතක්ෂයට  

Add comments

කාම්බෝජියාවේ කැසිනෝ ශාලාවක හටගත් ගින්නකින් පුද්ගලයින් දස දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.

කාම්බෝජියා, තායිලන්ත දේශසිමාව ආසන්නයේ පිහිටා ඇති කැසිනෝ ශාලාවක මෙම ගින්න හටගෙන ඇත්තේ. අනතුරෙන් තවත් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ගින්න හට ගන්නා අවස්ථාවේ පුද්ගලයින් 400 දෙනෙකු පමණ ගොඩනැගිල්ල තුළ රැදී සිටි බවයි පොලිසිය සදහන් කරන්නේ. ගින්න හට ගැනීමත් සමග එම ගොඩනැගිල්ලේ ඉහළ මාලයන්ගෙන් පුද්ගලයින් බිමට පණින ආකාරය දැක්වෙන විඩීයෝ පටද සාමාජ මාධ්‍යවල දක්නට ලැබෙනවා.

ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශණයක් ක්‍රියාත්මකයි.

 

 

 

The post කාම්බෝජියාවේ කැසිනෝ ශාලාවක හටගත් ගින්නකින් 10 දෙනෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG