Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මට්ටක්කුළිය ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට  

Add comments

මට්ටක්කුළිය සාවියා පටුමගේ දී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හතර දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මට්ටක්කුළිය සාවියා පටුමග ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් බදුර්දීන් මොහොමඩ් ෆර්හාන් නමැති ව්‍යාපාරිකයා තියුණු ආයුධවලින් පහර දී පසුගිය 28 වනදා ඝාතනය කර තිබුණා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කොළඹ අපරාධ කොට්ඨාසය සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් බොරැල්ල හා වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන්. ඝාතනයට පැමිණි පුද්ගලයින්ට කුලී පදනම මත වාහන ලබා දෙන ස්ථානයකින් මෝටර් රථයක් ලබාදීම සම්බන්ධයෙන් මීට පෙර තවත් සැකකරුවෙකුද අත්අඩංගුවට ගැනුනා. ඒ පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙහෙයවීමෙන්. මෙතෙක් සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මුදල් ගණුදෙනුවක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවයි.

 

The post මට්ටක්කුළිය ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG