Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නේපාල අගමැති ධුරය තෙවැනි වරටත් ‘ප්‍රචණ්ඩා’ට  

Add comments

68 හැවිරිදි හිටපු අග්‍රාමාත්‍ය පුෂ්පා ඩහල් ප්‍රචණ්ඩා තුන්වන වරටත් නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය සදහා පත්කර තිබෙනවා.

හිටපු අග්‍රාමාත්‍ය කේ පී ෂර්මා ඔලීගේ නිල නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි නව අග්‍රාමාත්‍යවරයාව තෝරාගෙන ඇත්තේ. නේපාල ජනාධිපති බිඩ්යා දේවි බහන්දාරි නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කර ගන්නා ලෙස එරට පාර්ලිමේන්තුවට දැනුම් දුන් අතර නේපාල ව්‍යවස්ථාව අනුව පුෂ්පා ඩහල් ප්‍රචණ්ඩා ඊයේ පස්වරුවේ ධුරයේ දිවුරුම් දුන්නා. කේ පී ෂර්මා ඔලී හා පුෂ්පා ඩහල් ප්‍රචණ්ඩා අතර අග්‍රාමාත්‍ය ධුරය හුවමාරුකර ගනිමින් පාලනය ගෙනයාමට නියමිත බවයි නේපාල මාධ්‍ය සදහන් කරන්නේ. ප්‍රචණ්ඩා හට එරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 275 න් 165 ක සහයෝගය හිමිව තිබෙනවා.

 

 

 

The post නේපාල අගමැති ධුරය තෙවැනි වරටත් ‘ප්‍රචණ්ඩා’ට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG