ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ ජජ්ජාර් නගරය ආසන්නයේ භූමි කම්පාවක් සිදු ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
අද අලුයම 1.19ට පමණ මෙම භූ කම්පනය ඇති ව තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනයේ බලපෑම නවදිල්ලි නුවරටත් දැණුනු බවයි. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 3.8 ක් ලෙසයි. භූමි කම්පනයෙන් කාටවත් හානියක් සිදුවී නැහැ.
The post ඉන්දියාවේ ජජ්ජාර් නගරය ආසන්නයේ භූමි කම්පාවක් appeared first on ITN News.
Post a Comment