16 වන ශුද්ධෝත්තම බෙනඩික් හිටපු පාප් වහන්සේ වෙනුවෙන් වර්තමාන ෆ්රැන්සිස් පාප් වහන්සේ ශෝකය ප්රකාශ කළා.
ස්වර්ගස්ථ වු දහසය වන ශුද්ධෝත්තම බෙනඩික් හිටපු පාප් වහන්සේ වෙනුවෙන් ලොවපුරා රාජ්ය නායකයින් විශාල පිරිසක් ශෝකය ප්රකාශ කර තිබෙනවා. ෆ්රැන්සිස් පාප් වහන්සේ සඳහන් කරන්නේ උන්වහන්සේ ඉතා උතුම් සහ කාරුණික අයෙක් බවයි. ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩින් සහ තුන්වන චාල්ස් රජු ද දහසය වන ශුද්ධෝත්තම බෙනඩික් හිටපු පාප් වහන්සේ වෙනුවෙන් ශෝකය ප්රකාශ කර තිබෙනවා. උන්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන පස් වනදා වත්මන් ෆ්රැන්සිස් පාප්වහන්සේගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. වතිකානය පවසන්නේ උන්වහන්සේගේ දේහය ශාන්ත පීතර බැසිලිකාවේ ලබන 2වනදා සිට තැන්පත් කර තබන බවයි. ලොව පුරා රාජ්ය නායකයන් උන්වහන්සේගේ වියෝව සම්බන්ධයෙන් ශෝකය පළකර තිබෙනවා.
The post ස්වර්ගස්ථ වූ හිටපු පාප් වහන්සේ වෙනුවෙන් වර්තමාන ෆ්රැන්සිස් පාප් වහන්සේ ශෝකය පළ කරයි appeared first on ITN News.
Post a Comment