Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රටවල් රැසක් චීනයෙන් පැමිණෙන සංචාරකයින් සඳහා යළිත් නව නීති හඳුන්වා දෙයි  

Add comments

චීනයේ කොරෝනා වසංගතය පැතිරයාමත් සමඟ රටවල් රැසක් චීනයෙන් පැමිණෙන සංචාරකයින් සඳහා යළිත් නව නීති හඳුන්වා දී තිබෙනවා.

ඕස්ට්‍රේලියාව , කැනඩාව , හොංකොං සහ මැකාවෝ රටවලින් මෙසේ චීනයෙන් පැමිණෙන සංචාරකයින්ට සීමා පනවා තිබෙනවා. ඒ අනුව චීන මගීන් සඳහා කොරෝනා පරීක්ෂණයේ සෘණාත්මක වාර්තාවක් ඉදිරිපත් කල යුතු බවටයි දැනුම් දි ඇත්තේ. ඕස්ට්‍රේලියාවේ මෙම නීතිය ලබන 5වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. පසුගිය දින කිහිපයේදි ඇමෙරිකාව, එක්සත් රාජධානිය , ප්‍රංශය , ඉතාලිය, ස්පාඤ්ඤ , ජපානය , දකුණු කොරියාව සහ තායිවානය යන රටවල් ද චීන සංචාරකයින්ට සීමා පැනවීම් සිදුකළා. චීනයෙන් පැමිණෙන සියලු සංචාරකයින්ට මොරොක්කෝව පමණක් සම්පුර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.

 

 

The post රටවල් රැසක් චීනයෙන් පැමිණෙන සංචාරකයින් සඳහා යළිත් නව නීති හඳුන්වා දෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG