ඇමෙරිකාවේ ආහාර සහ ඖෂධ නියාමන ආයතනය ප්‍රථම වරට ගබ්සා සඳහා යොදාගන්නා ඖෂධ ෆාමසි තුළ විකීණීමට අවසර ලබා දී තිබෙනවා.
මෙම නවතම වැඩසටහන යටතේ සහතික කළ ෆාමසියක් මගින් හෝ සහතික කළ නියමකරුවෙකුගේ අධීක්ෂණය යටතේ බෙදා හැරීමේ හැකියාව පවතිනවා.
බයිඩන් පරිපාලනය යටතේ ඇමෙරිකාවේ ගබ්සා නීති වෙනස් කිරීමට කටයුතු කිරීමත් සමඟයි මෙම පියවර ගෙන ඇත්තේ.
කෙසේ වුවද ගබ්සා සඳහා යොදාගන්නා ඖෂධ මිලදී ගැනීමට වෛද්‍ය සහතිකයක් අවශ්‍ය වනවා.
ඇමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක් ගබ්සාව තහනම් කිරීමත් සමඟ ගබ්සා සඳහා යොදාගන්නා ඖෂධ වලට ඉල්ලුම වැඩිවී තිබෙනවා.
එමෙන්ම ඇමෙරිකාවේ ගබ්සාවන්ගෙන් අඩකට වඩා සැත්කම් මඟින් සිදු කරනු ලබනවා.
The post ඇමෙරිකාව ප්‍රථම වරට ගබ්සා පෙති ෆාමසිවල විකිණීමට අවසර දෙයි appeared first on ITN News.
Post a Comment