Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ග්ලැසියර දියවීමත් සමඟ නිර්මාණය වන විල් බීඳී යාම හරහා මිලියන 15කගේ ජිවිත අවධානමක  

Add comments

ග්ලැසියර දියවීමත් සමග නිර්මාණය වන විල් බීදි යාම හරහා මිලියන 15ක පමණ පිරිසකගේ ජිවිත දැඩි අවධානමකට පත්විය හැකි බව නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හරහා ග්ලැසියර දියවීමත් සමග ජලය එක්වීමෙන් මෙම විල් නිර්මාණය වනවා. එම විල් බීදි යාමත් සමග හදිසි ගංවතුර තත්ත්වයන් හට ගත හැකි බවයි එම අධ්‍යනයෙන් හෙළිව ඇත්තේ.

ඒකරාශි වන ජල ප්‍රමාණය දිනෙන් දින ඉහළ යාමත් සමග ඒවා බිදී යාමේ ප්‍රවණතාවය ද ඉහළ යන බවයි අධයනය සිදුකළ නිව්කාසල් විශ්වවිද්‍යාලය පවසන්නේ.

එසේවුව හොත් එමගින් හට ගන්නා දැවැන්ත ගංවතුර තත්ත්වයන් මිලියන 15ක පමණ පිරිසකට බලපෑ හැකි බව ද එහි  සදහන්. පාකිස්තානය, ඉන්දීයාව, පේරු හා චීනයේ ජනතාව වැඩිම අවධානමට පත්ව සිටින පිරිස ලෙසද සැලකෙනවා.

 

 

 

 

The post ග්ලැසියර දියවීමත් සමඟ නිර්මාණය වන විල් බීඳී යාම හරහා මිලියන 15කගේ ජිවිත අවධානමක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG