Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තුර්කියට හා සිරියාවට බලපෑ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 17,000 ඉක්මවා යයි  

Add comments

තුර්කියට හා සිරියාවට බලපෑ භූ කම්පනයෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 17,000 ඉකන්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තුවාල ලැබු සංඛ්‍යාව 60,000කට අධිකයි.

මේ අතර භූ කම්පනයේ පසු ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කිරීමේදී යම් ප්‍රමාදයක් සිදු වූ බව තමා පිලිගන්නා බවයි තුර්කි ජනාධිපතිවරයා සදහන් කරන්නේ.

භූ කම්පනයෙන් තුර්කියේ 12,000කට අධික සංඛ්‍යාවක් ද සිරියාවේ 3000ක් පමණ ද ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. කෙසේ වුවද ජලය,විදුලිය හා ගෑස් නොමැති වීම හේතුවෙන් දිවි ගලවා ගත් පිරිස්වල ජිවිත ද අවධාමට ලක්ව ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

ලොව පුරා රටවල් රැසකින් තුර්කියට හා සිරියාවට ආධාර හා සහන කණ්ඩායම් ලබාදී තිබෙනවා. ගලවා ගැනීමේ මෙහෙයම් අඛණ්ඩව ක්‍රියාත්මක අතර කාලය ගතවීමත් සමග සුන් බුන් තුල සිරව සිටින පිරිස් බේරාගැනීමට නොහැකි වනු ඇති බවටයි සහන කණ්ඩායම් අනතුරු අගවන්නේ.

භූ කම්පනය සිදු වූ ප්‍රදේශයේ විශේෂ සංචාරයකට ඊයේ දිනයේදී තුර්කි ජනාධිපති තයිප් එර්දෝගන් සහභාගී වුණා. අවතැන් වූ ජනතාවට අවශ්‍ය සියලු සහන කටයුතු හැකි ඉක්මනින් ලබාදීමට පියවර ගන්නා  බව ඔහු සදහන් කර තිබෙනවා.

සහන කටයුතු සදහා ලක්ෂයකට ආසන්න පිරිසක් යොදවා ඇති අතර සහාය සදහා අවශ්‍ය වාහන 5500කට ආසන්න සංඛ්‍යාවක් ලබා දී තිබෙනවා. දේශපාලන මතිමතාන්තර පසෙකලා සිරියාවට අවශ්‍ය ආධාර ලබා දීමට දේශ සිමාව හරහා ස්ථාන දෙකක් විවෘත කිරීමට කටයුතු කරන බව තුර්කිය අද නිවේදනය කළා.

කිසිවකට මිල කළ නොහැකි පිය සෙනෙහස මනාවට පිළිඹිබු කිරීමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. තම දරුවා තුරුළු කර ගනිමින් එම පියා සුන්බුන් අතර සිරව මියගොස් සිටි අතර තම දරුවාගේ ජිවිතය බේරා ගැනීමට එම සෙනෙහසේ තුරුළු කර ගැනීම උපකාරී වී තිබුණා.

ලෝකවාසී ජනතාවගේ නෙතට කදුළු එක් කරමින් මල්වැනි කුඩා දරුවන් සුන්බුන් අතරින් බේරා ගන්නා ආකාරය සමාජ මාධ්‍ය ජාලයන්හි සංසරණය වනවා. තම දියණිය මිය ගිය ද ඇයගේ අතින් අල්ලා ගනිමින් අසළ රැදී සිටින පියෙකුගේ ඡායා රූප ද මාධ්‍ය වාර්තා කළා.

සුන්බුන් අතර සිරව සිටින බාල, මහලු, තරුණ සැමගේ ජිවිත නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වේවා යන්න ලොව සෑම වැසියෙකුගේ ම ඒකායන ප්‍රාර්ථනය වනවා නොවනුමානයි.

මේ අතර තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් ගැටලු පවති නම් ඒ පිළිබදව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ කන්සියුලර් අංශය වෙත දැනුම් දෙන ලෙස තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති දිසානායක මහත්මිය දැනුම් දෙනවා.

එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිළිබද තොරතුරු දැනුම් දීමට හා ශ්‍රී ලංකිකයින් පිළිබද තොරතුරු විමසීම සදහා 00903124271032 හෝ 00905344569498 යන දුරකතන අංක හරහා තුර්කි තානාපති කාර්යාලය හා සම්බන්ධ වීමේ හැකියාව පවතින බවයි ඒ මහත්මිය පවසන්නේ.

 

 

 

 

The post තුර්කියට හා සිරියාවට බලපෑ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 17,000 ඉක්මවා යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG