Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ දිනයට වැඩිම කොරෝනා ආසාදිතයින් ජපානයෙන්  

Add comments

ගතවු පැය 24ට ලොව පුරා රටවල් 229කින් කොරෝනා වෛරස ආසාදිතයින් එක්ලක්ෂ හැටදහසකට අධික සංඛ්‍යාවක් හමුව තිබෙනවා.

සිදුව ඇති මරණ සංඛ්‍යාව 868ක්.

ඊයේ දිනයේ දී වැඩිම වෛරස ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ ජපානයෙන්.

එම සංඛ්‍යාව 41000කට අධිකයි. එමෙන්ම ඇමෙරිකාවෙන් හා තායිවානයෙන් 24000 බැගින් ද, බ්‍රසීලයෙන් 19000ක් හා දකුණු කොරියාවෙන් 17000ක් ලෙස වෛරස ආසාදිතයින් හමුව තිබෙනවා.

ඊයේ දිනයේ දී සිදු වු වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 329 වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්. ඒ සමගම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටහත් ලක්ෂ හැත්තෑහයදහස ඉක්මවා ගියා.

හමුවී ඇති සමස්ත වෛරස ආසාදිතයින් සංඛ්‍යාව හැටහත් කෝටි හැටඅටලක්ෂයකට අධිකයි.

 

 

 

 

The post ඊයේ දිනයට වැඩිම කොරෝනා ආසාදිතයින් ජපානයෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG