Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තුර්කියට හා සිරියාවට බලපෑ භූ කම්පනයෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 15,000 දක්වා ඉහළ යයි  

Add comments

තුර්කියට හා සිරියාවට බලපෑ භූ කම්පනයෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව මේ වන විට 15,000 ක් පමණ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලොව පුරා රටවල් රැසකින් තුර්කියට හා සිරියාවට ආධාර හා සහන කණ්ඩායම් ලබාදී තිබෙනවා.

ගලවා ගැනීමේ මෙහෙයම් අඛණ්ඩව ක්‍රියාත්මක අතර කාලය ගතවීමත් සමග සුන් බුන් තුල සිරව සිටින පිරිස් බේරාගැනීමට නොහැකි වනු ඇති බවටයි සහන කණ්ඩායම් අනතුරු අගවන්නේ.

භූ කම්පනය සිදු වූ ප්‍රදේශයේ  විශේෂ සංචාරයකට ඊයේ දිනයේදී තුර්කි ජනාධිපති තයිප් එර්දෝගන් සහභාගී වුණා. භූ කම්පනයේ පසු ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කිරීමේදී යම් ප්‍රමාදයක් සිදු වූ බව තමා පිලිගන්නා බවයි ජනාධිපතිවරයා මෙහිදී සදහන් කර ඇත්තේ.

අවතැන් වූ ජනතාවට අවශ්‍ය සියලු සහන කටයුතු හැකි ඉක්මනින් ලබාදීමට පියවර ගන්නා  බවද ඔහු සදහන් කර තිබෙනවා.

 

 

 

 

 

 

The post තුර්කියට හා සිරියාවට බලපෑ භූ කම්පනයෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 15,000 දක්වා ඉහළ යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG