Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තායිලන්තයේ ලිඳකට වැටුණු කුඩා ගැහැණු දරුවෙකු බේරා ගැනේ  

Add comments

තායිලන්තයේ ලිඳකට වැටුණු කුඩා ගැහැණු දරුවෙකු බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්ව තිබෙනවා.

මියන්මාර දේශ සීමාවේ පිහිටා ඇති තායිලන්ත ගම්මානයකයි මෙය සිදුව ඇත්තේ.

මීටර් 13ක් පමණ ගැඹුරු ලිඳකට මාස 19ක් වයසැති මෙම ගැහැනු දරුවා වැටී තිබෙනවා. ඇයගේ දෙමාපියන්  ඇයව එම ස්ථානයේ තබා ගොවිතැන් කටයුතු වල නිරතව සිටි ඇති අතර ඇය නොමැති බව දැන ගැනීමෙන් පසුව ඒ පිළිබඳ ගලවා ගැනීමේ අංශ වෙත දැනුම් දී තිබෙනවා.

ඊයේ රාත්‍රීය පුරා සිදු කෙරුණු මෙහෙයුමකින් අනතුරුව එම ගැහැනු දරුවා බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්වුණා.

සුළු තුවාල කිහිපයක් පමණක් සිදුව ඇති අතර  ඇයව රෝහල් ගත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

The post තායිලන්තයේ ලිඳකට වැටුණු කුඩා ගැහැණු දරුවෙකු බේරා ගැනේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG