Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තුර්කි භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව තිස්හයදහස ඉක්මවයි  

Add comments

තුර්කි භූ කම්පනය සිදුවී සතියක් ගතවනවිට මියගිය පුද්ගලයින් සංඛ්‍යාව  තිස්හයදහස ඉක්මවා තිබෙනවා.

මේ අතර ප්‍රධාන භූ කම්පනයෙන් දැඩි බලපෑම් එල්ල වූ කහ්රමන්මරාස් ප්‍රදේශයට රිච්ටර් පරිමාණ ඒකක 4 දශම 7 ක සුලු භූ කම්පන තත්ත්වයක් ඊයේ හටගත්තා.

ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ දත්තවලට අනුව එහි කේන්ද්‍රය කහ්රමන්මරාස් නගරයේ සිට කිලෝමීටර් 24ක් දුරින් පිහිටා ඇති බවයි වාර්තා වන්නේ. ඉන් කිසිදු බලපෑමක් මෙතෙක් සිදුව නැහැ. කෙසේ වෙතත් තුර්කියට බලපෑ භූ කම්පනයෙන් එරට හා අසල්වැසි සිරියාවේ මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතිනවා. තුර්කියේ මිය ගිය සංඛ්‍යාව තිස් එක්දහස් හයසිය හතලිස්තුනක් වන අතර සිරියාවේ මිය ගිය සංඛ්‍යාව 4500ක් බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. එහෙත් මෙම සංඛ්‍යාව 50,000ට ආසන්න වනු ඇති බවට මත පළව තිබෙනවා.

මේ අතර ගොඩනැගිලිවලට යට වූ පුද්ගලයින් බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක අතර දින 7 ක් ගතවන මොහොතේ ඇතැම් මෙහෙයුම් අත්හැර දැමීමටයි බලධාරීන් කටයුතු කර ඇත්තේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය අද ප්‍රකාශ කලේ ගලවා ගැනිමේ මෙහෙයුම් අවසන් කළ බවයි. භූ කම්පනයෙන් දැඩි බලපෑම් එල්ල වූ ප්‍රදේශවල උෂ්ණත්වය ඉතා පහළ මට්ටමක පැවතීම හා ඇතැම් ප්‍රදේශවල නොසන්සුන්කාරී තත්ත්වයන් ඇති වීම ඊට හේතුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. සහන මෙහෙයුම් සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ට්‍රක් රථ 52ක් ලබාදුන්නා. මේ අතර මියගිය අයගේ සිරුරු මිහිදන් කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුවනවා. භූ කම්පනයෙන් මියගිය බවට දැනට වාර්තා වන එකම ශ්‍රී ලාංකික කාන්තාවගේ දේහය ද මේ අනුව මිහිදන් කර ඇති බවයි තුර්කි තානාපති කාර්යාල වාර්තා සදහන් කරන්නේ.

 

 

 

The post තුර්කි භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව තිස්හයදහස ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG