Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ආකරයක සිදුවූ කඩා වැටීමකින් දෙදෙනෙකු අතුරුදන්  

Add comments

ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ආකරයක සිදු වු කඩා වැටීමක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

අතුරුදන් වු කම්කරුවන් දෙදෙනා සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

කඩා වැටීම සිදු වි මේ වන විට පැය 24ක් ගත වී ඇති අතර පොළව මට්ටමේ සිට මීටර 125ක් පමණ ගැඹුරින් එම අවස්ථාවේ ඔවුන් රැදී සිට තිබෙනවා.

ඔවුන් සමග සිටි අනෙක් කම්කරුවා අනතුරෙන් ගැලවීමට සමත්ව තිබෙනවා. අතුරුදන් වු පුද්ගලයින් සමග සන්නිවේදනය කිරීමට උත්සහ කළ ද මේ වන තෙක් එය සාර්ථක  වී නැහැ.

අනතුර සිදු වු ස්ථානයට ලගා වීමට කඩා වැටුණු පස් ඉවත් කරමින් ඊයේ දිනය පුරා කැණීම් කටයුතු සිදු කෙරෙනවා.

 

 

 

The post ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ආකරයක සිදුවූ කඩා වැටීමකින් දෙදෙනෙකු අතුරුදන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG