Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්තානය වාර්තාගත ලෙස ඉන්ධන මිල ඉහළ දමයි  

Add comments

ඉන්ධන මිල වාර්තා ගත ලෙස ඉහළ දැමීමට පාකිස්තාන රජය පියවර ගෙන තිබෙනවා.

ඉන්ධන මිල ඉහළ දැමීම යටතේ පාකිස්තාන පෙට්‍රල් ලීටරයක මිල පාකිස්තාන රුපියල් 22කයි ශත විස්සකින් ඉහළ ගොස් ඇති අතර නව මිල සටහන වන්නේ පාකිස්තාන රුපියල් 272ක් ලෙසයි.

එමෙන්ම ඩීසල් ලීටරයක මිල පාකිස්තාන රුපියල් 17යි ශත විස්සකින් ඉහළ දැමීමත් සමග එහි නව මිල සටහන් වන්නේ පාකිස්තාන රුපියල් 280ක් ලෙසයි.

එමෙන්ම භූමි තෙල් මිල ද පාකිස්තාන රුපියල් 12 ශත අනූවකින් ඉහළ දමා තිබෙනවා. එමෙන්ම ඊයේ දිනයේ දී එරට ගෑස් මිල ද ඉහළ දැමීමට පියවර ගැනුනා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මූල්‍ය සහන ලබා ගැනීම සදහා සාකච්ඡා පැවැත්වෙන අතර එම අරමුදලේ නිර්දේශයන් මතයි මෙලෙස මිල වැඩිවීම් සිදු කෙරෙන්නේ.

මේ අතර පාකිස්තානයේ ෆිච් රේටින් අගයන් පහළ දැමීමට කටයුතු කර තිබෙනවා. විදේශ විනිම සංචිතයන් ඉතා පහළ අගයක් ගෙන තිබීම හේතුවෙනුයි ෆිච් රේටින් අගයන් මෙලෙස පහත දමා ඇත්තේ.

පාකිස්තානය බංකොලොත් භාවට පත්වීමේ අවධානමක් තිබෙනව බව ද එම ආයතනය පෙන්වා දෙනවා.

 

 

The post පාකිස්තානය වාර්තාගත ලෙස ඉන්ධන මිල ඉහළ දමයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG