Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තුර්කි භූ කම්පනයෙන් දින 9කට පසු 77 හැවිරිදි කාන්තාවක් බේරා ගැනේ  

Add comments

තුර්කි භූ කම්පනයෙන් දින 9කට පසු 77 හැවිරිදි කාන්තාවක් සුන්බුන් තුළ සිරව සිටිය දී බේරා ගැනීමට සහන කණ්ඩායම් ඊයේ සමත්වුණා.

තුර්කිය හා සිරියාවට බලපෑ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 41000 ඉක්මවා ඇති අතර තුවාල ලැබු පිරිස ලක්ෂයට අධිකයි. මේ වන විට භූ කම්පනය සිදු වී දින 10ක් ඉක්ම ගොස් තිබෙනවා.

සුන්බුන් තුළ සිරව සිටි පිරිස් සොයා මෙහෙයුම් අත්හිටු වීමටයි යෝජනා වී ඇත්තේ.කෙසේ වුවද පැය 212කට පසුව 77 හැවිරිදි කාන්තාවක් සොයා ගැනීමත් සමග මෙහෙයුම් සිදු කිරීම අත්‍යවශ්‍ය බවට මතයක් ගොඩ නැගී තිබෙනවා.

මේ අතර 45 හැවිරිදි තවත් කාන්තාවක් පැය 222කට පසුව සොයා ගැනීමට සහන කණ්ඩායම් සමත්වුණා. භූ කම්පනයෙන් පසු බෝ වන රෝග පැතිර යාමේ අවධානමක් මතුව තිබෙන බවයි තුර්කි සෞඛ්‍ය අංශ අනතුරු අගවන්නේ.

 

 

The post තුර්කි භූ කම්පනයෙන් දින 9කට පසු 77 හැවිරිදි කාන්තාවක් බේරා ගැනේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG