Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකා අහසේ සැරිසරමින් තිබූ හඳුනානොගත් දෙයක් බිම හෙලයි  

Add comments

ඇමෙරිකා අහසේ සැරිසරමින් තිබූ හදුනානොගත් දෙයක් බිම හෙළූ බව ධවල මන්දිරය පවසනවා.

ධවල මන්දිර ප්‍රකාශක ජෝන් කර්ලි පැවසුවේ ඇලෙස්කා අහසේ පාවෙමින් තිබූ මෝටර් රථයක ප්‍රමාණයක යම් වස්තුවක් වෙඩි තබා බිම හෙළූ බවයි. යුද ප්‍රහාරක යානා යොදා ගනිමින් අදාළ වස්තුව බිම හෙළූ බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

හදුනා නොගත් වස්තුව බිම හෙළන අවස්ථාවේදී එය අඩි හතලිස් දහසක් උසින් ගුවනේ ගමන් කරමින් තිබූ බවයි කර්බි වැඩිදුරටත් පැවසුවේ. කෙසේ වෙතත් අදාළ හදුනා නොගත් වස්තුව කුමක්ද යන්න ධවල මන්දිරය තවමත් හෙළිකර නැහැ.

සාමාන්‍යයෙන් වාණිජ ගුවන් යානා අඩි හතලිස් පන්දහස සීමාවේ පියාසර කරනවා. ඇමෙරිකාව පසුගිය සතියේ චින බැලූනයක් බිම හෙළූ අතර ඒ පිළිබද තවමත් මතභේද ඇතිවෙමින් තිබියදී ඇමෙරිකාව මෙම හදුනා නොගත් වස්තුව බිම හෙළා ඇත්තේ.

 

 

 

 

 

 

The post ඇමෙරිකා අහසේ සැරිසරමින් තිබූ හඳුනානොගත් දෙයක් බිම හෙලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG