සයිරන් හඬ මැද්දේ යුක්රේන යුරෝපා සංගම් සාකච්ඡා ඇරඹේ.
යුරෝපා කවුන්සිල සහ යුරෝපා සංගම් සාමාජිකයන් යුක්රේනයේ සංචාරයක පැමිණ තිබෙනවා. එහිදී යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි සමඟ විශේෂ සමුළුවක් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.මෙම සාකච්ඡා සඳහා යුරෝපා කවුන්සිල ප්‍රධානී චාල්ස් මයිකල් සහ යුරෝපා සංගමයේ ප්‍රධානී උර්සුලා වොන්ඩර් ලියැන්ග් ද සහභාගී වනවා. මෙය යුක්රේන රුසියා යුද්දය ඇරඹීමෙන් පසු යුරෝපා නායකයන් යුක්රේනයේ සංචාරය කරන ප්‍රථම අවස්ථාව වනවා.දෙපිරිස අතර අද සාකච්ඡා ආරම්භ වූයේ ගුවන් සයිරන් හඩ මධ්‍යයේ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙහිදී යුක්රේනය යුරෝපා සංගමයට බඳවා ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා වන බව වාර්තා වනවා.
The post යුක්රේන යුරෝපා සංගම් සාකච්ඡා ඇරඹේ appeared first on ITN News.
Post a Comment