බක්මුත් ප්‍රදේශයේ වීදිවල රුසියා සහ යුක්‍රේන හමුදා අතර දරුණු ගැටුම් ඇවිලෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පසුගිය මාස කිහිපය තුලදීම බක්මුත් ප්‍රදේශයේ විවිධ ආකාරයේ ගැටුම් පැවතුණු අතර මේ වන විට ගැටුම් උග්‍ර අතට හැරි ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. බක්මුත් හි ජීවත් වූ සාමාන්‍ය ජනතාවගෙන් සියයට අනූපහක්ම ගම්බිම් අතහැර පළාගොස් තිබෙනවා. මේ වන විට එම ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන් 4000ක් පමණ තවමත් රැදී සිටින බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඔවුනට ජලය විදුලිය හෝ ගෑස් නොලැබෙන බවද විදෙස් මාධ්‍ය සදහන් කළා. බක්මුත් නගරය අත්පත් කර ගැනීම රුසියාවට උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත්වන බැවින් පසුගිය මාස කිහිපය තුලදීම රුසියා හමුදා මෙම ප්‍රදේශයේ මෙහෙයුම් ක්‍රියාත්මක කළා.
The post බක්මුත් ප්‍රදේශයේ වීදිවල රුසියා – යුක්‍රේන හමුදා අතර දරුණු ගැටුම් appeared first on ITN News.
Post a Comment