චීන ලක්ෂණ වලින් යුත් සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදය පිළිඹිබු කෙරෙන චීනයේ වාර්ෂික ජාතික සැසිවාර දෙක බෙයිජිංහිදී ආරම්භ වුණා
චීනයේ වාර්ෂික ජාතික සැසිවාර දෙක ලෙස සැලකෙන 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය සහ චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුවේ පළමු සැසිවාරයයි මෙලෙස චීනයේ බෙයිජිං නුවර මහජන මහා ශාලාවේ දී ආරම්භ වුණේ. චීනයේ පරිපාලන ප්‍රදේශ නියෝජනය කරමින් මහජන නියෝජිතයින්,දේශපාලන පක්ෂ,සිවිල් සංවිධාන ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන සාමාජිකයින් මෙම සැසිවාර සඳහා සහභාගීවනවා.මෙහිදී ඉදිරි වසර පහක කාලය සඳහා චීනයේ ප්‍රධාන නායක මණ්ඩලය මත විමසුමක් මගින් තෝරා පත්කර ගැනීමටද නියමිතයි. චීනයේ සංවර්ධනයට අදාළ සියලු කරුණු පිළිබඳව සාකච්ඡා කර ඉදිරි සංවර්ධන සැලසුම් සකස් කිරීමද මෙම සැසිවාරයේ ප්‍රධාන අරමුණක් වනවා.
The post චීනයේ වාර්ෂික ජාතික සැසිවාර දෙක බෙයිජිං නුවර දී ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment