Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොවිඩ් රෝග ලක්ෂණ සහිත උණක්  

Add comments

කොවිඩ් රෝග ලක්ෂණ සහිත ඉන්ෆ්ලුවෙන්සා රෝගයක් ඉන්දියාව පුරා පැතිරයමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම රෝගය නම් කර ඇත්තේ ඉන්ෆ්ලුවෙන්සා (Influenza A) H3N2 උප වර්ගය ලෙසයි

ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය සහ ඉන්දියානු වෛද්‍ය සංගමය පවසා ඇත්තේ එම උණ වැළඳුණු රෝගීන් බොහෝ දෙනෙකුට ශ්වසන අපහසුතා පවතින බවයි.

එමෙන්ම උණ සහිත රෝගීන් තුළින් කැස්ස, ඔක්කාරය, වමනය, උගුරෙහි ඇති වන තුවාල සහ පාචනය වැනි රෝග ලක්ෂණ දැකිය හැකි බව සඳහන්.

මෙම රෝගයෙන් ආරක්ෂා වීම සඳහා නිරන්තරයෙන් සබන් යොදා දෑත් සේදීම, මුහුණු ආවරණ පැළඳීම සහ ජනාකීර්ණ ප්‍රදේශවලට ගමන් කිරීම සීමා කරන ලෙසට ජනතාවට උපදෙස් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

 

 

The post කොවිඩ් රෝග ලක්ෂණ සහිත උණක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG