ලෝක පූජිත පාපන්දු ක්‍රීඩක ලියනොල් මෙසීට මරණ තර්ජන එල්ලවී ඇති බව වාර්තා වනවා.
අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසීගේ බිරිඳට අයත් ආජන්ටිනාවේ රොසැයිරෝ නගරයේ පිහිටි සුපිරිවෙළදසැලකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
වෙඩි ප්‍රහාර එල්ලකළ පුද්ගලයන් මරණ තර්ජනයක් ලෙසින් පණිවුඩයක් සටහන් කොට ගොස් තිබෙනවා.
එහි තිබෙන්නේ මෙසී අපි ඔබ එනතුරු බලා සිටිනවා යන්නයි.
තවදුරටත් එම පණිවුඩයේ සදහන් වන්නේ පැබ්ලෝ ජැවුකින් නගරාධිපතිවරයා ඔබ ගැන බලාගැනීමට අපොහොසත් වනු ඇති බවයි.
පැබ්ලෝ ජැවුකින් මෙම වෙඩි ප්‍රහාරය එල්ලවූ සුපිරි වෙළෙදසැල පිහිටි රොසයිරෝ ගනරයේ නගරාධිපතිවරයා වනවා.
එල්ලවූ ප්‍රහාරයෙන් කිසිවෙකුට හානි සිදුවී නැති අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙසින් හෝ මාෆියා කල්ලියක ප්‍රහාරයක් ලෙසින් අනුමාන කෙරෙන බවයි පොලිසිය සදහන් කරන්නේ.
කෙසේ වෙතත් වෙළෙදසැලට වෙඩි ප්‍රහාර 14ක් එල්ලවී තිබෙනවා.
ආජන්ටිනාව මේ වන විට දැඩි උද්දමනයට ලක්ව ඇති රටක් වන අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සහ මාෆියා සංවිධානවල ක්‍රියාකාරීත්වය දරුණු මට්ටමේ පවතින රාජ්‍යයක් වනවා.
The post මෙසීට මරණ තර්ජන appeared first on ITN News.
Post a Comment