ලෝක වනජීවී දිනය අදට යෙදී තිබෙනවා.
මෙවර ලෝක වනජීවී දිනයේ තේමාව වන්නේ වනජීවී සංරක්ෂණය සඳහා හවුල්කාරීත්වය යන්නයි.
මාර්තු තුන්වනදා ලෝක වනජීවි දිනය ලෙසින් නම් කිරීම 2013 වසරේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල 68 වෙනි සැසිවාරයේදීයි සිදුවුණේ.
මෙවර වනජීවී දිනයේ තේමාව යටතේ පාරිසරික සමතුලිතතාවය පවත්වාගෙන යාම සඳහා මෙන්ම ආහාර ඖෂධ සදහා බොහෝ දේ ලබාදෙන ශාක හා සත්ව විශේෂ රැකගැනීම ද විශේෂ අවශ්‍යතාවයක් ලෙස සඳහන් කර තිබෙනවා.
විශේෂයෙන්ම 1973 දී සම්මත කරන ලද වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වන සත්ව හා වෘක්ෂලතා විශේෂයන් පිළිබඳ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ වූ සම්මුතියට එළඹ වසර 50ක් පිරීම ද මෙවර වනජීවී දිනය යටතේ සමරනු ලබනවා.
The post ලෝක වනජීවී දිනය අදයි appeared first on ITN News.
Post a Comment