ඇමෙරිකාව යුක්‍රේනයට තවත් යුද ආධාර පැකේජයක් ලබා දීමට තීරණය කර තිබෙනවා.
යුක්‍රේනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක මිලිටරි ආධාරයක් ලබා දීමට ඇමෙරිකාව තීරණය කර තිබෙනවා.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් කියා සිටියේ මෙම පැකේජයට වැඩි ප්‍රමාණයක් කාලතුවක්කු උණ්ඩ ඇතුළත් බවයි.
මීට පෙර යුක්‍රේන ජනාධිපති වොලදිමීරි සෙලෙන්ස්කි විසින් රුසියාව නැවැත්වීමට නම් තමන් හට කාලතුවක්කු උණ්ඩ වැඩි ප්‍රමාණයක් ලබා දෙන ලෙස විවෘත ආරාධනාවක් යුරෝපා රටවල්වලට සිදුකළා.
මේ අතර ගෙවී ගිය පැය 24තුළ යුක්‍රේනය හා රුසියාව දරුණු ගැටුම් ඇතිකරගත් බව වාර්තා වනවා.
The post ඇමෙරිකාවෙන් යුක්‍රේනයට තවත් යුද ආධාර පැකේජයක් appeared first on ITN News.
Post a Comment