Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සාගරයේ ගිලුණු ටයිටැනික් කඳුළට 111 යි  

Add comments

ඉතිහාසයේ කදුළු කතාවක් සටහන් කළ ටයිටැනික් නෞකාවේ ඛේදවාචකය සිදු වී අදට වසර 111 ක් සපිරෙනවා.

මුහුදු බත් වූ ටයිටැනික් නෞකාවේ සැලසුම ලබන 22 වනදා යළි වෙන්දේසි කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.

1912 වසරේ අප්‍රේල් 15 වන දා එවකට ලොව තිබූ සුඛෝපභෝගීම සහ වේගවත්ම මගී නෞකාව වන ටයිටැනික් නෞකාව අත්ලාන්තික් සාගරයේ ගිලී ගියේ මංගල ගමන යන අතරතුරදීයි.

දිගින් මීටර් 270 ක් සහ පළලින් මීටර් 28 ක් වූ ටයිටැනික් නෞකාව 1910 දශකයේ ලොව ඉදිකළ විශාලතම මගී නෞකාවද වනවා.

1912 අප්‍රේල් 10 වන දින එක්සත් රාජධානියේ සවුත් හැම්ටන් වරායේ සිට ඇමෙරිකාවේ නිව්යෝර්ක් දක්වා තම මංගල චාරිකාව ඇරඹූ අතර මෙම චාරිකාවට මගීන් 2224ක් සහභාගී වී සිටියා.

මෙම මගීන් අතර ලෝකයේ කෝටිපතියන් ලෙස සැළකිය හැකි ධනවතුන්ද රැසක් සිටියා.

ටයිටැනික් නැව ගිලීයාම නිසා පුද්ගල මරණ 1514 ක් සිදු වූ අතර එය එකල ලොව විශාලතම සමුද්‍රීය ව්‍යසනය ලෙසයි සැළකෙන්නේ.

ටයිටැනික් නැව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුඛෝපභෝගී නෞකාවක් වූ අතර පිහිනුම් තටාකයක්, සුපිරි පන්තියේ භෝජන ශාලාවක්, සහ සුඛෝපභෝගී කාමර ද ඇතුළත් වුණා.

කෙසේ වෙතත් නැව මත ජීවිතාරක්ෂක බෝට්ටු තිබුණේ 1178 දෙනෙකුට පමණක් වීම ටයිටැනික් ඛේදවාචකයෙන් විශාල පිරිසකට ජීවිත අහිමි වීමට හේතුවක් වුණා.

1912 අප්‍රේල් 14 වන දින තම ගමනාන්තයට දින හතරක් තිබියදී සහ නිව්යෝර්ක්වලට කිලෝමීටර් 375 ක් දුරින් තිබියදී ටයිටැනික් නැව අයිස් කන්දක ගැටී තිබෙනවා.

අයිස් පරයේ ගැටීම නිසා පැය දෙකක් පමණ ඇතුළත නැව තුළට ජලය කාන්දු වූ අතර තවත් පැය දෙකකින් පමණ නැව දෙකට කැඩීම සිදු වුණා.

මෙම සිදුවීම් සියල්ල සිදුවන අතරතුර කාන්තාවන්ට හා දරුවන්ට ජීවිත රැක ගැනීමට මූලිකත්වය දෙමින් ඔවුන් ජීවිතාරක්ෂක බෝට්ටුවලට ගොඩ කෙරුණා.

එමෙන්ම සුපිරි ධනවතුන්ටද මෙහිදී ජීවිතාරක්ෂක බෝට්ටු හිමි වූ බවයි ඉතිහාසයේ දැක්වෙන්නේ.

මුහුදු බත් වූ ටයිටැනික් නෞකාව 1985 වසරේදී සොයා ගැනීමට හැකි වුණා.

ඒ වන විට එය අඩි දොළොස්දහස් හාරසිය පහළොවක් ගැඹුරු මුහුදේ තැන්පත්ව තිබුණා.

මෙම දැවැන්ත ඛේදවාචකය සිදුවීමෙන් පසු ටයිටැනික් අනතුර මුල්කරගනිමින් විවිධ කලා නිර්මාණ බිහි වුණා.

ඒ අතර චිත්‍රපට රැසක් පවතිනවා.

ලොව පුරා ජනප්‍රිය වූ මෙම චිත්‍රපට ජාත්‍යන්තර සම්මානවලින් පවා පිදුම් ලබා තිබෙනවා.

ටයිටැනික් නෞකාවේ සැලැස්ම 2011 දී  පවුම් ලක්ෂ දෙකකට වෙන්දේසි කෙරුණා.

එම සැලැස්ම මෙම වසරේදී යළි වෙන්දේසි කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.

ඒ අනුව ටයිටැනික් අනතුර සිදු වී අදට වසර 111 ක් ගත වුවද ඒ පිළිබඳ මතකයන් අලුත් වනවා.

The post සාගරයේ ගිලුණු ටයිටැනික් කඳුළට 111 යි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG