Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දින 500ක් ගුහාවක හුදෙකලාව සිට කාන්තාව  

Add comments

ස්පාඤ්ඤ කාන්තාවක් දින 500ක් ගුහාවක හුදෙකලාව සිට වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

50 හැවිරිදි බියට්‍රිස් ෆ්ලැමිනී නම් ස්පාඤ්ඤ ජාතික කඳුනගින්නියක් මීටර් 70ක් ගැඹුරු භූගත ගුහාවක මෙලෙස දින 500ක් ගත කොට තිබෙනවා.

ඇය 2021  නොවැම්බර් 21 සිට ඊයේ දිනය දක්වාම ගුහාව තුළ ගත කිරීමෙන් අනතුරුව පිටතට පැමිණියා.

ඇයගේ ක්‍රියාකාරකම් අධ්‍යයනය සඳහා ගුහාව තුළ කැමරා දෙකක් සවිකර තිබූ අතර ඇයට අවශ්‍ය ආහාර පිටතින් ගුහාව වෙත ලබා දෙනු ලැබුවා.

කෙසේ වෙතත් දින 500 තුළ ඇය කිසිඳු කෙනෙකු සමඟ කිසිම සම්බන්ධතාවයක් පවත්වා නැහැ.

මීට පෙර 1987 ඉතාලි ජාතිකයෙකු මේ ආකාරයෙන් දින 210ක් සිටි අතර 2016 දී සර්බියානු ජාතිකයෙකු ද දින 460ක් මේ ආකාරයට ගත කළ බව අන්තර්ජාල තොරතුරු පවසනවා.

මේ වන විට ඇයගේ මෙම නව ලෝක වාර්තාව ගිනස් කමිටුව විසින් අධ්‍යයනය කරන බවයි වාර්තා වන්නේ.

 

 

 

 

The post දින 500ක් ගුහාවක හුදෙකලාව සිට කාන්තාව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG