Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුඩානයේ පැය 72ක සටන් විරාමයක්  

Add comments

සුඩාන හමුදාව හා ආර් එස් එෆ් සටන්කරුවන් පැය 72ක සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

පසුගිය 15 වනදා සුඩාන හමුදාව හා ආර් එස් එෆ් සටන්කරුවන් අතර ගැටුම් ආරම්භ වුණා. ඒ හේතුවෙන් මේ වනවිට මියගොස් ඇති සංඛ්‍යාව 400කට ආසන්නයි. තවත් තුන්දහසක පමණ පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඊයේ නිවේදනයට පත්කළ සටන්විරාමය,  ගැටුම් ආරම්භයේ සිට මේ දක්වා ප්‍රකාශයට පත්කළ 3වන සටන් විරාමය ද වනවා. පෙර ප්‍රකාශයට පත්කළ සටන්විරාම දෙපාර්ශ්වයම කඩ කිරීම හේතුවෙන් ක්‍රියාත්මක වූයේ නැහැ. ගැටුම් උග්‍රවීමත් සමග පසුගිය සෙනසුරාදා දිනයේ සිට රටවල් රැසක් තම රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් සුඩානයෙන් ඉවත් කර ගැනීම ආරම්භ කළා. ගැටුම් දරුණු ලෙස පවතින සුඩානයේ කාහ්ටූම් නගරයෙන් ජනතාවට ප්‍රමාණවත් තරම් ආහාර හා ජලය නොමැති බවයි වාර්තා වන්නේ.

 

 

 

The post සුඩානයේ පැය 72ක සටන් විරාමයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG