Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රංශයේ ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් පුද්ගලයින් 8 දෙනෙකු අතුරුදන්  

Add comments

ප්‍රංශයේ ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් පුද්ගලයින් 8 දෙනෙකු අතුරුදන් බව සහන කණ්ඩායම් පවසනවා.

අතුරුදන් පිරිස ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී ඇති බවටයි සැක පළ කෙරෙන්නේ. ප්‍රංශයේ මර්සෙයිල් ප්‍රදේශයේ ගොඩනැගිලි දෙකක් මෙලෙස කඩා වැටීමට ලක්ව තිබෙනවා. එක් ගොඩනැගිල්ලක පිපිරීමක් සිදුව ඇති අතර ඒ හේතුවෙනුයි ගොඩනැගිලි කඩා වැටීමට ලක්ව ඇත්තේ. පිපිරීමත් සමග හටගත් ගින්න මැඩපැවැත්වීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වු බව ගිනි නිවන භටයින් සදහන් කරනවා. සියයකට අධික පිරිසක් ගින්න මැඩපැවැත්වීම සදහා යොදවා ඇති බව ද සදහන්. පුද්ගලයින් පස් දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව ද සහන කණ්ඩායම් පවසනවා. පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

 

 

 

The post ප්‍රංශයේ ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් පුද්ගලයින් 8 දෙනෙකු අතුරුදන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG