Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොරියාව තවත් බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි  

Add comments

උතුරු කොරියාව අද දිනයේ දීත් තවත් බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.

මෙම වසරට ඔවුන් අතහදා බැලූ 27වන මිසයිලය මෙයයි.

උතුරු කොරියාව නව වර්ගයක බැලැස්ටික් මිසයිලයක් අත්හදා ඇති බවයි ජපානය අනුමාන කරන්නේ.

එම මිසයිලය කොරියානු අර්ධද්වීපය හා ජපානය අතර මුහුදු කලාපයට වැටී තිබෙනවා.

මිසයිලය අත්හදා බලා මිනිත්තු 30ක් ඇතුලත ජපානයේ හොකයිඩෝ දූපතේ ජනතාවට ආරක්ෂිත ස්ථානවලට ගමන් කරන ලෙසට බලධාරීන් දැනුම් දුන්නා.

කෙසේ වුවද එම මිසයිලය දිගු දුර මිසයිලක් ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

දකුණු කොරියාව , ඇමෙරිකාව හා ජපානය එක්ව සිදුකරන යුද අභ්‍යාසයන්ට ප්‍රතිචාරයක් ලෙස උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීම සිදු කරනවා.

ඊයේ දිනයේ දී උතුරු කොරියා නායකයා හමුදා නිලධාරීන්ට මිසයිල අත්හදා බැලීම ඉහළ දමන ලෙස නියෝග කිරීමෙන් අනතුරුවයි අද දිනයේ දී මෙම අත්හදා බැලීම සිදු කෙරුණේ.

 

 

The post උතුරු කොරියාව තවත් බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG