Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තම විවාහ උත්සවයේදී වෙඩි තබා ඉන්දීය මනාලිය පලා යයි  

Add comments

සිය විවාහ උත්සවයේදී මනාලියක් විසින් ගිනි අවියකින් අහසට වෙඩි තබා පලා ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා

උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ විවාහ මංගල්‍යයකදී මෙම සිදුවීම සිදුව ඇති අතර එරට ප්‍රාදේශීය පොලිසිය සඳහන් කර ඇත්තේ සිද්ධියෙන් පසු අතුරුදන් වූ කාන්තාවට එරෙහිව නඩු පවරා ඇති බවයි.

ඇතැම් උතුරු ඉන්දියානු ප්‍රාන්තවල මංගල උත්සව අතරතුර වෙඩි තැබීම් බහුලව සිදුවන දෙයක් වන අතර බොහෝ විට තුවාල හා මරණ පවා ඇති වන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියානු නීතියට අනුව, ගිනි අවියක් භාවිතා කරන ඕනෑම අයෙකු නොසැලකිලිමත් ලෙස හෝ සැමරුම් සඳහා වෙඩි තැබීමකින් හෝ අන් අය අනතුරට පත් කරයි නම්,සිර දඬුවමක් හෝ දඩයකට හෝ ඒ දෙකටම මුහුණ දිය හැකි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

The post තම විවාහ උත්සවයේදී වෙඩි තබා ඉන්දීය මනාලිය පලා යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG