Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොරියාවේ මිසයිල පහරදී බිම හෙලීමට ජපාන හමුදාවට අවසර  

Add comments

උතුරු කොරියා මිසයිල පහරදී බිම හෙලීමට ජපාන හමුදාවට අවසර ලබා දී තිබෙනවා.

ජපානය තම හමුදාවට උතුරු කොරියා මිසයිල බිම හෙලීමට මෙලෙස අවසර ලබාදීමට තීරණය කළේ උතුරු කොරියාව තම ප්‍රථම හමුදා ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට සූදානම් බව ප්‍රකාශයට පත් කිරීමත් සමගයි. උතුරු කොරියාව මීට පෙර 2012 දී සහ 2016 දීද චන්ද්‍රිකා අත්හදාබැලීමක් මුවාවෙන් සිදු කළේ බැලස්ටික් මිසයිල අත්හදා බැලීමක් බව ජපානය චෝදනා කරනවා. ඔවුන් අත්හදා බැලූ බැලස්ටික් මිසයිල ජපානයේ ඔකිනාවා ප්‍රාන්තයට ඉහළින් ගමන් කළ බව ජපානය චෝදනා කරනවා.

ජපාන අමාත්‍ය යෂුකාසි හමාඩා පවසන්නේ බැලස්ටික් මිසයිල කඩාවැටීමකදී සිදුවන හානි අවම කර ගැනීමට  ජපාන හමුදාවට මේ වන විට උපදෙස් ලබාදී ඇති බවයි. කෙසේ වෙතත් චන්ද්‍රිකා අත්හදා බැලීම එක්සත් ජාතීන්ගෙන් සංවිධානය විසින් උතුරු කොරියාවට තහනම් කර තිබෙනවා.

 

 

The post උතුරු කොරියාවේ මිසයිල පහරදී බිම හෙලීමට ජපාන හමුදාවට අවසර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG