Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්තාන විදේශ අමාත්‍යවරයා ලබන මාසයේ ඉන්දියාවේ සංචාරයක  

Add comments

පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යවරයා ලබන මාසයේදී ඉන්දියාවේ සංචාරයක නිරත වන බව පකිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශය අද නිවේදනය කළා.

මැයි මාසයේ ඉන්දියාවේ ගෝවා නගරයේදී පැවැත්වීමට නියමිත ෂැන්හයි සහයෝගීතා සංවිධානයේ සැසියට සහභාගී වීම සඳහා පකිස්තාන විදේශ අමාත්‍ය බිලාවල් භූතෝ සර්දාරි ඉන්දියාවට පැමිණීමට නියමිතයි.

2014 වසරේ නවෂ් ශරීෆ් ඉන්දියාවේ සංචාරයක නිරත වීමෙන් පසු එරට සංචාරයේ නිරතවන පළමු පකිස්ථාන රාජ්‍ය නියෝජිතයා බවට සර්දාරි පත්වනවා.

සාමාජිකයින් 8 දෙනෙකුගෙන් සමන්විත ෂැන්හයි සහයෝගීතා සංවිධානය ලොව සමස්ත ජනගහනයෙන් 42% කට හිමිකම් කියන අතර ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 25%කට හිමිකම් කියනවා.

සැසිය මැයි මස හතර පහ යන දෙදින තුලදී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතයි.

සැසිවාරයට සහභාගී වීම හරහා එයට පකිස්ථානයේ ඇති දායකත්වය ,කැප කිරීම හා විදේශ ප්‍රතිපත්ති විදහා දැක්වීම අරමුණ බව පකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා.

 

 

The post පාකිස්තාන විදේශ අමාත්‍යවරයා ලබන මාසයේ ඉන්දියාවේ සංචාරයක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG