Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අධික උෂ්ණත්වයෙන් ඉන්දියාවේ ආර්ථික හා සංවර්ධන ඉලක්කයන්ට දැඩි බලපෑම්  

Add comments

ඉන්දියාවට බලපා ඇති අධික උෂ්ණත්වය එරට ආර්ථික හා සංවර්ධන ඉලක්කයන්ට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය සිදුකළ අධ්‍යනයකින් හෙළිව තිබෙනවා.

ඉන්දියාවට බලපා ඇති උෂ්ණ තරංග ආර්ථිකයට හා සංවර්ධනයට සිදු කරන බලපෑම එරට බලධාරීන් අවතක්සේරුවට ලක්ව ඇති බව එම අධ්‍යයන වාර්තාවේ දැක්වෙනවා.

කෘෂිකර්මාන්තයට , ආර්ථිකයට හා මහජන සෞඛ්‍යට එමගින් දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

දරිද්‍රතාව තුරන් කිරීමට සමානාත්මතාව ඇති කිරීමට හා රෝග ව්‍යාප්තිය වැළැක්වීමට ඉන්දියාව ගෙන ඇති දීර්ඝකාලීන උත්සහයන්ට අධික උෂ්ණත්වය හරහා සිදුවන බලපෑම තක්සේරු කළ නොහැකි බවයි එහි සඳහන් වන්නේ.

වායු දූෂණය ඉහළ යාම මෙන්ම උතුරු ඉන්දියාවේ ගැලැසියර දියවීමේ වේගය ඉහළ යාමට ද මෙම තාප තරංග හේතු වී ඇති බවයි එම අධ්‍යයන වාර්තාවේ දැක්වෙන්නේ.

එමෙන්ම ඉන්දියාවේ සමස්ත ජනගහනයෙන් 80%ක ප්‍රතිශතයක් අධික උෂ්ණත්වය හමුවේ අන්තරාදායක තත්ත්වයකට මුහුණ දී සිටින බව ද එහි සඳහන්.

 

 

 

 

 

The post අධික උෂ්ණත්වයෙන් ඉන්දියාවේ ආර්ථික හා සංවර්ධන ඉලක්කයන්ට දැඩි බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG