Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව වැඩිම ජනගහනය ඉන්දියාවේ?  

Add comments

ඉදිරි මාස කිහිපය තුළ දී ලොව වැඩිම ජනගහණයක් සහිත රට බවට ඉන්දියාව පත්වනු ඇති බව ජගත් සංවිධානය පවසනවා.

මේ වන විට ලොව වැඩිම ජනගහනයක් සහිත රට වන්නේ චීනයයි.

කෙසේ වුව ද මෙම වසරේ ඉදිරි මාස කිහිපය තුළ දී චීනයේ ජනගහනය ඉක්මවා යමින් ඉන්දියාවේ සමස්ත ජනගහනය මිලියන 1428.6ක් වනු ඇති බවට ජගත් සංවිධානය පුරෝකථනය කරනවා.

දැනට චීනයේ සමස්ත ජනගහනය මිලියන 1425.7ක් වන අතර එම සංඛ්‍යාවට වඩා මිලියන 2.9කින් ඉන්දියාවේ සමස්ත ජනගහනය ඉහළ යනු ඇති බවටයි ජගත් සංවිධානය සඳහන් කරන්නේ.

ලොව සමස්ත ජනගහනයෙන් තුනෙන් එකක් පමණ චීනය හා ඉන්දියාවේ වාසය කරනවා.

කෙසේ වුව ද චීනයේ සමස්ත ජනගහනයට හොංකොං , මැකාවු හා තායිවානයේ ජනගහනය ඇතුලත් නැහැ.

පසුගිය නොවැම්බර් මාසයේ දී ලොව සමස්ත ජනගහනය බිලියන 8 ඉක්මවා ගියා.

කෙසේ වුව ද 1950 වසරේ සිට ජනගහන වර්ධන වේගය පහළ ගොස් ඇති බවයි ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ.

 

 

 

The post ලොව වැඩිම ජනගහනය ඉන්දියාවේ? appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG