Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කියුබා ජනාධිපති ධුරය යළි මිගෙල් ඩයස් කැනැල්ට  

Add comments

කියුබා ජනාධිපති මිගෙල් ඩයස් කැනැල් යළි එම ධුරයට තෝරා පත්කර ගෙන තිබෙනවා.

කියුබා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමකින් අනතුරුව ජනාධිපති මිගෙල් ඩයස් කැනැල් යළි එම ධුරයට තෝරා පත්කර ගැනුනා.

එරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 462න් 459ක කැමැත්ත ඔහුට හිමිවුණා.

ඒ අනුව ඔහුට තවත් වසර 5ක කාලයක් ජනාධිපති ධුරයේ කටයුතු කිරීමට හැකියාව හිමි වනවා.

කියුබාව මුහුණ දී සිටින දැඩි ආර්ථික අර්බුදය හමුවේ දහස් ගණනක පිරිසක් රට හැර ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

නැවත වරක් ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ මිගෙල් ඩයස් කැනැල් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරනු ඇති බවට විශ්ලේෂකයින් මත පළ කරනවා.

 

 

 

 

The post කියුබා ජනාධිපති ධුරය යළි මිගෙල් ඩයස් කැනැල්ට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG