Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තලෙයිබාන් ක්‍රියාකාරකම් ඇෆ්ගනිස්ථාන ආර්ථිකයට තර්ජනයක් – ජගත් සංවිධානය  

Add comments

තලෙයිබාන් සංවිධානයේ ක්‍රියාකාරකම් ඇෆ්ගනිස්ථාන ආර්ථිකයට තර්ජනයක් වී ඇති බව ජගත් සංවිධානය පවසනවා.

රාජ්‍ය නොවන සංවිධානවල ආධාර ඇෆ්ගනිස්ථානයට නොලැබෙන තත්ත්වයක් මත ඇෆ්ගනිස්ථාන ආර්ථිකය දැඩි අර්බුදයකට මුහුණ පා තිබෙනවා.

ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධානයන්හි සේවයේ නිරතවීම තලෙයිබාන් සංවිධානය තහනම් කිරීමත් සමඟ මෙම තත්ත්වය උග්‍ර වී ඇති බවයි ජගත් සංවිධානය පවසන්නේ.

එමෙන්ම ජගත් සංවිධානයේ සේවයද ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට තහනම් කිරීමත් සමග එම සංවිධානයෙන් ඇෆ්ගනිස්ථානයට ලබාදෙන ආධාර ප්‍රමාණය සීමා කිරීමට ජගත් සංවිධානය පියවර ගෙන තිබෙනවා.

එරට දුගීභාවය වසර දෙකක් තුලදී දෙගුණයක් වී ඇති බවයි ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ.

එමෙන්ම මානුෂීය සහන කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී දේශපාලනය මූලික කර නොගත යුතු බවද එම සංවිධානය පවසනවා.

 

The post තලෙයිබාන් ක්‍රියාකාරකම් ඇෆ්ගනිස්ථාන ආර්ථිකයට තර්ජනයක් – ජගත් සංවිධානය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG