Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අමෙරිකාවේ මහල් කිහිපයකින් යුත් රථගාලක් කඩා වැටෙයි  

Add comments

අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ මහල් කිහිපයකින් යුත් රථගාලක් අර්ධ වශයෙන් කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

අනතුරින් තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

මහල් හතරකින් යුත් මෙම ගොඩනැගිල්ලේ දෙවන මහල මුලින්ම කඩා වැටී තිබෙනවා.

තුවාල ලැබූ එක් සේවකයෙකු ඉහළ මහලක සිරවී සිටියදී ගිනි නිවන භටයන් විසින් ඔහුව වහලය හරහා වෙනත් ගොඩනැගිල්ලකට ගෙන ගොස් ආරක්ෂිතව බේරා ගෙන තිබෙනවා.

කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ .

The post අමෙරිකාවේ මහල් කිහිපයකින් යුත් රථගාලක් කඩා වැටෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG