Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වායු දූෂණය රෝගාබාධ රැසකට හේතු වන බව සමීක්ෂණයකින් හෙළි වෙයි  

Add comments

මිනිසාට ඇතිවන රෝගාබාධ රැසකට වායු දූෂණය හේතුවී ඇති බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

බ්‍රිතාන්‍ය යේ පරිසර සංවිධානයක් වසර 10ක කාලයක් පුරා 35,000කට අධික පිරිසක් යොදා ගනිමින් සිදුකළ සමීක්ෂණයකිනුයි මේ බව තහවුරු වී ඇත්තේ.

කළලයක වර්ධනයේ සිට වැඩිහිටි මානසික සෞඛ්‍ය දක්වා මිනිස් ජීවිතයේ සෑම අදියරකදීම වායු දූෂණය හේතුවෙන් රෝගාබාධ ඇතිවිය හැකි බවට එම සමීක්ෂණ වාර්තාවේ දැක්වෙනවා.

මොළයේ වර්ධනයට මානසික සෞඛ්‍යයට හා ඩිමෙන්ෂියා තත්ත්වයන් ඇතිවීම දක්වා වායු දූෂණය දැඩි බලපෑමක් එල්ල කරන බවට එහි දැක්වෙනවා.

එමෙන්ම අලුත උපන් බිළිදුන්ගේ සෞඛ්‍ය තත්ත්වය, උපත් බර, ගබ්සාවීම් හා මළ දරු උපත් සිදුවීමට ද වායු දූෂණය හේතුවී ඇති බවයි එම සමීක්ෂණ කණ්ඩායම සදහන් කරන්නේ.

මව ආශ්වාස කරන දූෂිත වායූන්ගෙන් කළලයට සිදුවිය හැකි හානි අති විශාල බව එම වාර්තාවේ දැක්වෙනවා.

සෑම වසරකම ලොව පුරා අඩු බර දරු උපත් මිලියන 20ක් පමණ සිදුවන අතර නොමේරූ දරු උපත් මිලියන 15ක් පමණ සිදුවන බවද එහි සඳහන්.

 

 

 

 

The post වායු දූෂණය රෝගාබාධ රැසකට හේතු වන බව සමීක්ෂණයකින් හෙළි වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG