Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හිජාබය නොපළඳින කාන්තාවන් සොයන්න ඉරානය CCTV සවිකරන්න සුදානම් වෙයි  

Add comments

ප්‍රසිද්ධ ස්ථානවල හිජාබය නොපළඳින කාන්තාවන් හඳුනා ගැනීම සඳහා ආරක්ෂිත කැමරා සවි කිරීමට ඉරාන රජය තීරණය කර තිබෙනවා.

එසේ හඳුනාගන්නා කාන්තාවන්ට ප්‍රථමයෙන් කෙටි පණිවිඩයක් හරහා අනතුරු අඟවන බවයි ඉරාන පොලිසිය පවසන්නේ.

හිජාබය පැළඳීම ඉරානය තුළ අනිවාර්ය කිරීම 1979 දී සිදු වුණ අතර කෙසේ වෙතත් රැඩිකල් කාන්තාවන් මෙම නියෝගය පිළිපැදීම නිතර මගහැරීමට කටයුතු කළා.

පසුගිය සතියේ හිජාබය නොපැළදී කාන්තාවන් දෙදෙනෙකුට වෙළෙඳසැලක් තුළදී යෝගට් ප්‍රහාරයක් එල්ල කිරිම ලෝකය පුරා දැඩි කතා බහට ලක්වුණු කාරණයක් වුණා.

මීට පෙර හිජාබය නොපැළඳීම නිසා අත්අඩංගුවට ගත් මාෂා අමීනි නැමැති යුවතිය මියයාම නිසා මාස ගණනක් පුරා ඉරානයේ හිජාබ් විරෝධි උද්ඝෝෂණ පැවැත්වුණා.

 

 

 

 

The post හිජාබය නොපළඳින කාන්තාවන් සොයන්න ඉරානය CCTV සවිකරන්න සුදානම් වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG