Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දකුණු අප්‍රිකාවේ කොලරාව නිසා 10ක් මියයයි – තුන් හැවිරිදි දරුවෙකුත් ඒ අතර  

Add comments

දකුණු අප්‍රිකාවේ Gauteng පළාතේ කොලරාව පැතිරීම හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් , 37දෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

ඊයේ (21) සිදු කළ රසායනාගාර පරීක්ෂණ මගින් 19 දෙනෙකු කොලරා රෝගීන් බවට තහවුරු කරමින් Gauteng සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

මිය ගිය අය අතර තුන් හැවිරිදි දරුවෙකු සහ වැඩිහිටියන් නව දෙනෙකු සිටින බවයි විදෙස් මාධ්‍ය දක්වා ඇත්තේ.

එරට සෞඛ්‍ය පිළිබඳ පළාත් ප්‍රධානී Nomantu Nkomo-Ralehoko පූර්වාරක්ෂාකාරී පියවර අනුගමනය කරන ලෙසත් සනීපාරක්ෂාව පවත්වා ගන්නා ලෙසත් ජනතාවට දැනුම් දී තිබෙනවා

Hammanskraal සහ ඒ අවට ප්‍රදේශවල පදිංචිකරුවන්ට කරාමවලින් ජලය පානය නොකරන ලෙස දැනුම් දී ඇති අතර, ජල ටැංකි සපයා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

The post දකුණු අප්‍රිකාවේ කොලරාව නිසා 10ක් මියයයි – තුන් හැවිරිදි දරුවෙකුත් ඒ අතර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG