Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැපුවා නිව්ගිනියාවේ සංචාරයක  

Add comments

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැපුවා නිව්ගිනියාවේදී ඉන්දියා – පැසිෆික් දූපත් සහයෝගීතා සංසදයේ සමුළුවකට සහභාගි වී තිබෙනවා.

ඒ සඳහා පැපුවා නිව්ගිනියා, ෆිජි, කිරිබති, නාවුරු, නියු සහ සොලමන් ඇතුලු දූපත් රාජ්‍ය 14 ක නායකයින් එක්ව ඇති බව සඳහන්.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී පැපුවා නිව්ගිනියාවේ ජනාධිපති ජේම්ස් මාරප් සමඟ සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා.

එමෙන්ම ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් ද පැපුවා නිව්ගිනියාවේ සංචාරයක් සඳහා පැමිණීමට නියමිත අතර, එහිදී ඔහු පැසිෆික් දූපත් නායකයින් සමඟ ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

The post ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැපුවා නිව්ගිනියාවේ සංචාරයක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG