Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලැව්ගිනි වලින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

රුසියාවේ යූරල් කඳුවැටියේ හා සයිබිරියාවේ හටගත් ලැව්ගිනි වලින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුගිය සතියේ දී යූරල් කඳුවැටියේ හා සයිබිරියාවේ ලැව්ගිනි හට ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලැව්ගිනි හේතුවෙන් මියගිය බොහෝ පිරිසක් වයස්ගත පුද්ගලයින් වන අතර ඔවුන්ට තම නිවාස වලින් ඉවත්වීමට නොහැකි වීම හේතුවෙන් මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

එමෙන්ම ලැව්ගිනි පාලනය කිරීමට උත්සහ කළ කිහිපදෙනෙකු ද ගින්නට ගොදුරු වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට සහන කණ්ඩායම් අනතුරු අඟවනවා.

ගින්න හටගත් ප්‍රදේශයේ ගොඩනැගිලි 5000ක අධික සංඛ්‍යාවක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බව ද සඳහන්.

 

 

The post ලැව්ගිනි වලින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG