Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට එරෙහි ප්‍රචණ්ඩකාරී විරෝධතා තවදුරටත්  

Add comments

පකිස්ථානයේ හිටපු  අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පල කරමින් පැවැත්වෙන ප්‍රචණ්ඩකාරී විරෝධතා තවදුරටත් ක්‍රියාත්මකයි.

පසුගිය අගහරුවාදා දිනයේදී නඩු විභාගයකකට පෙනී සිටීම සඳහා ඉස්ලාමාබාද් අධිකරණයට පැමිණි අවස්ථාවේදීයී හිටපු අග්‍රාමාත්‍යවරයාව අත්අඩංගුවට ගැනුණා.

එදින සිට මේ දක්වා ඔහුගේ පාක්ෂිකයින්ට ඊට විරෝධය පල කරන අතර ආරක්ෂක අංශ සමග දරුණු ගැටුම් ද හට ගැනුණා.

ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් දහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීමටයි පොලීසිය කටයුතු කර ඇත්තේ.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඊයේ සන්ධ්‍යාවේදී හිටපු අග්‍රාමාත්‍යවරයාව දූෂණ චෝදනා නඩුවිභාගයක් සඳහා අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එම චෝදනා ඔප්පු වුවහොත් එලඹෙන මැතිවරණය සදහා තරඟ කිරීමට ඉම්රාන් ඛාන්ට හැකියාවක් නොමැති බවයි දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

 

 

The post ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට එරෙහි ප්‍රචණ්ඩකාරී විරෝධතා තවදුරටත් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG