Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දුනීසියාව තුළ සූකර උණ සීඝ්‍රයෙන් පැතිර යයි  

Add comments

ඉන්දුනීසියාව තුළ අප්‍රිකා සූකර උණ රෝගය සීඝ්‍රයෙන් පැතිර යන බව සත්ත්ව සෞඛ්‍ය පිළිබඳ ගෝලීය සංවිධානය පවසනවා.

අප්‍රිකා සූකර උණ රෝගය මේ වන විට සූකරයින් 35,000 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් තිබෙනවා.

ඉන්දුනීසියාවේ බූලන් දූපතේ මෙම රෝගය සීඝ්‍රයෙන් පැතිර යන බවයි වාර්තා වන්නේ.

පසුගිය අප්‍රේල් 1 වන දින සූකර උණ රෝගය වාර්තා වුණු අතර එය තහවුරු කරගෙන ඇත්තේ අප්‍රේල් 28 වන දිනයි.

අප්‍රිකා සූකර උණ රෝගය මේ වන තෙක් මනුෂ්‍යයෙකුට වැලදුන අවස්ථාවක් වාර්තා වී නොමැත වූවද එය සූකරයින්ට මාරාන්තික වනවා.

2018 සහ 2019 වසරවලදී මෙම රෝගය චීනය තුළ පැතිර යාමෙන් සූකරයින් මිලියන ගණනක් මිය ගියා.

 

 

 

The post ඉන්දුනීසියාව තුළ සූකර උණ සීඝ්‍රයෙන් පැතිර යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG