Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෝටර් රථයක ගැටීමෙන් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ නිවාස අහිමි සංක්‍රමණිකයන්ගේ නවාතැනක් අසල පිහිටි බස් නැවතුම්පොළක් අසලදී මෝටර් රථයක ගැටීමෙන් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙක්සිකානු දේශසීමාව ආසන්නයේ බ්‍රවුන්ස්විල් නගරයේ එරට වේලාවෙන් පෙරවරු 08:30ට මෙම අනතුර සිදුව තිබුණා.

තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට එරෙහිව නඩු පවරා තිබෙනවා.

බ්‍රවුන්ස්විල් පොලිසිය පවසන්නේ මෙම සිද්ධිය හිතාමතා සිදු කළේද යන්න පැහැදිලි නැති බවයි.

කෙසේ වෙතත් මෙය සිතාමතා සිදුකළ බවට පෙනීයන බවයි පොලිසිය උපුටා දක්වමින් ඇමෙරිකානු මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

The post මෝටර් රථයක ගැටීමෙන් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG