Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුක්‍රේන ජනාධිපති ජී හත රාජ්‍ය නායකයන් හමුවෙයි  

Add comments

යුක්‍රේන ජනාධිපතිවරයා ජී හත රාජ්‍ය නායකයන් හමුවුණා.

එමෙන්ම ජී හත රටවල් ද රුසියාවට එරෙහි සම්බාධක තවත් දැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

යුක්‍රේන ජනාධිපති වොලිදිමීර් සෙලෙස්න්කි ඊයේ දිනයේ ජපානයේ හිරෝෂිමා හි පැවැත්වෙන ජී හත රාජ්‍ය නායක සමුළුවට එක්වුණා.

අද දිනයේදී ඔහු සියලු රාජ්‍ය නායකයන් හමුවී සාකච්ඡා කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙහිදී ඉන්දියාව / බ්‍රිතාන්‍ය / ජපානය / ජර්මනිය ඇතුලු රටවල් වල රාජ්‍ය නායකයන් සමග ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද සෙලෙන්ස්කි කටයුතු කළා.

අද ජී හත සමුළුවේ අවසන් දිනය වන අතර රුසියාවට එරෙහිව සම්බාධක තවදුරටත් වැඩි කිරීමටයි ජී හත රාජ්‍ය නායකයන් මෙහිදී එකඟ වූයේ.

නවීන එෆ් 16 ප්‍රහාරක යානා යුක්‍රේනය වෙත ලබා දීමේ ඇමෙරිකාවේ තීරණයට ද ජී හත රාජ්‍ය නායකයන් එකගතාවය පළකළ බව විදෙස් වාර්තා සදහන් කරනවා.

The post යුක්‍රේන ජනාධිපති ජී හත රාජ්‍ය නායකයන් හමුවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG