Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොරියාවේ පළමු ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව කක්ෂගත කිරීම අසාර්ථක වෙයි  

Add comments

උතුරු කොරියාවේ පළමු ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව කක්ෂගත කිරීම අසාර්ථක වූ බව උතුරු කොරියාව නිවේදනය කරනවා.

මාස කිහිපයක දැඩි පරිශ්‍රමයකින් පසු උතුරු කොරියාව තම පළමු ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව කක්ෂ ගතකළ අතර එහිදී සිදුවූ දෝෂයක් හේතුවෙන් යානය මුහුදට කඩාවැටුණු බවයි වාර්තා වන්නේ.

ජුනි මස 11 වන දින මෙම චන්ද්‍රිකාව කක්ෂගත කරන බවට උතුරු කොරියාව නිවේදනය කර තිබුණ ද එය ඊයේ දිනයේ දී සිදුකර තිබෙනවා.

පළමු උත්සාහය අසාර්ථක වුවද හැකි ඉක්මනින් දෙවන උත්සාහය සිදුකරන බවයි උතුරු කොරියාව නිවේදනය කරන්නේ.

චන්ද්‍රිකාව කක්ෂගත කිරීම ආරම්භ කිරීමත් සමඟ දකුණු කොරියාවේ සහ ජපානයේ ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වී ඇති බවද සඳහන්.

 

 

 

 

The post උතුරු කොරියාවේ පළමු ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව කක්ෂගත කිරීම අසාර්ථක වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG