Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකා භාණ්ඩාගාරය මුදල් නොමැති තත්ත්වයක් ඉදිරියේදී ?  

Add comments

ඇමෙරිකාවේ ණය සීමා සම්බන්ධයෙන් ජනාධිපති බයිඩ්න් හා රිපබ්ලිකන් නියෝජිත ප්‍රධානියා අතර පැවති සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී තිබෙනවා.

දෙපාර්ශවය අතර එකඟතාවකට පැමිණ ණය සීමා ඉහළ දැමීමට අපොහොසත් වුවහොත් ජුනි පළමුවන දින වන විට ඇමෙරිකා භාණ්ඩාගාරය මුදල් නොමැති තත්ත්වයකට පත්වන බවටයි භාණ්ඩාගාර ලේකම් අනතුරු අගවන්නේ.

කෙසේ වුව ද එම සාකච්ඡා ඵලදායී මට්ටමෙන් පැවති බව ජෝ බයිඩ්න් පවසනවා.

එමෙන්ම ඉදිරි සාකච්ඡා අතරතුරදී දෙපාර්ශවය අතර එකගතාවයකට පැමිණිය හැකි බවට කෙවින් මැකාති විශ්වාසය පළ කරනවා.

ඇමෙරිකාවේ ණය සීමාව ඇමෙරිකා ඩොලර් ට්‍රිලියන 31.4ක පවතින අතර රජයේ ඉදිරි වියදම් කටයුතු සදහා මුදල් නොමැති වීම හේතුවෙන් දැඩි අපහසුතාවකට පත්ව සිටිනවා.

 

The post ඇමෙරිකා භාණ්ඩාගාරය මුදල් නොමැති තත්ත්වයක් ඉදිරියේදී ? appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG