Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ස්පාඤ්ඤයේ ලැව්ගිනි  

Add comments

බටහිර ස්පාඤ්ඤයේ හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් අක්කර විසිදහසකට ආසන්න භූමි ප්‍රමාණයක් සම්පුර්ණයෙන් විනාශයට පත්ව තිබෙනවා.

ස්පාඤ්ඤ පෘතුගාල දේශසීමා ආසන්නයේයි මෙම ලැව්ගිනි හටගෙන ඇත්තේ. 600ක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට සහන කණ්ඩායම් පියවරගෙන තිබෙනවා. ලැව්ගිනි පාලනය කිරීම සදහා 500කට ආසන්න පිරිසක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ. අධික සුළං හේතුවෙන් ලැව්ගිනි මැඩපැවැත්වීම අසීරු කාර්යක් වී ඇති බව ගිනි නිවන කණ්ඩායම් පවසනවා. ස්පාඤ්ඤ ප්‍රාදේශිය මැතිවරණය ලබන සතියේ දී පැවැත්වීමට නියමිත අතර ලැව්ගිනි හේතුවෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු ද අත්හිටු වීමටයි දේශපාලන පක්ෂ පියවර ගෙන ඇත්තේ.

 

 

 

 

 

The post ස්පාඤ්ඤයේ ලැව්ගිනි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG